නොපැමිණෙන සේවකයන්ට වේතන ගෙවන්නේ මෙලෙසයි

නොවැ 18, 2020

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම කළ යුත්තේ එම ආයතනවල සේවයට නොපැමිණෙන සේවකයන් සඳහා පමණක් බවට කම්කරු අමාත්‍යාංශයේ ස්ථාපිත කොවිඩ් - 19 ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.

    සංචාරක ව්‍යාපාරය සඳහා 50% වැටුප් ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යාමටත්, පෞද්ගලික අංශයේ සෙසු ක්ෂේත්‍ර සඳහා පූර්ණ වැටුප් ගෙවීමට හාම්පුතුන් දක්වන ලද එකඟතාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවත් තීරණය කර තිබේ.

    යම් හෙයකින් වෙනස් වන කොවිඩ් තත්ත්වය තුළ යම් ආයතනයක හෝ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමක් හෝ යම් වැඩ කරන පිරිසක් සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සඳහා පමණක් 50% වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ හැකිය.

    එවැනි අවස්ථාවලදී එම ආයතන එම අපහසුතා පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දී එම 50% වැටුප් ගෙවීමට අවසර ලබා ගත යුතුි.

    Latest News