දිගන සුළු කම්පන තත්ත්වයක්

නොවැ 18, 2020

    මහනුවර, දිගන ප්‍රදේශයේ අද පෙරවරුවේ සුළු කම්පන තත්ත්වයක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ, එම කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ ඒකක 2.0 ක් පමණ වන බවය.

    එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අද පෙරවරු 9.28 ට පමණ එම කම්පන තත්ත්වය සිදුව ඇති බවයි.

    එය පල්ලේකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

    අනුර වල්පොල මහතා පැවසුවේ, මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

    Latest News