පෑලියගොඩට පැමිණෙන ධීවරයන් අවම කිරීමට සැළසුම්

නොවැ 18, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සමග ගනුදෙනු කරන සියලු තොග, සිල්ලර හා ජංගම මස්ත්‍ය ව්‍යාපාරිකයන් කඩිනමින් ලියාපදිංචි කර වාර්තා ඉදිරිපත් කරන්නැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සියලු පළාත් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

    මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණිය යුතු දින ගණන් බෙදා වෙන් කිරීම මෙහි අරමුණයි.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවත් එම ස්ථානයට පැමිණෙන මත්ස්‍ය ව්‍යාපාරිකයන් ප්‍රමාණය අවම කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය දිනකට පැමිණෙන 3000ක පමණ ධීවරයන් 1000ක පමණ පිරිසකට අවම කිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

    Latest News