නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකල්ප යෝජනා අග්‍රමාත්‍යතුමාට භාර දෙයි

නොවැ 16, 2020

    ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනා ඇතුළත් ග්‍රන්ථය අද 2020.11.16 දින බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදී.

    බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය විසින් විජේරාමේ පිහිටි නිල නිවසේදී, මෙම ග්‍රන්ථය අග්‍රමාත්‍යතුමාට පිළිගැන්වූහ.

    සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

    vikalpa.jpg

    පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමි හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න, ආචාර්ය පාලිත කොහොන, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, රංජිත් තෙන්නකෝන්, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහත්වරුන්ගෙන් මෙම අනුකමිටුව සමන්විතය.

    ග්‍රන්ථය පිළිගැන්වීමේ අවස්ථාව සඳහා බුද්ධශාසන කාර්යසාධන මණ්ඩලයේ සභාපති, ආනන්ද මහා විද්‍යලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ආචාර්ය දිවියාගහ යසස්සි හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුවේ සභාපති පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමි, මාලිගාකන්ද විද්යෝදය පරිවේනාධිපති බලංගොඩ සෝභිත හිමි සහ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, නියෝජ්‍ය සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහත්වරු එක්ව සිටියහ.

    Latest News