කොවිඩ්-19; තවත් මරණ 05ක් (වීඩියෝ)

නොවැ 15, 2020
  • (වීඩියෝ)

    කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

    ඒ කොළඹ 13 ජින්තුපිටිය පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පිළිකා තත්වය හේතුවෙන්,

    කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිළිකා රෝගය සහ කොවිඩ් නියුමෝනියා.

    කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හෘදයාබාධ තත්වයක්.

    කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පෙනහළු රෝගය උත්සන්නවීම හේතුවෙන්.

    කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හෘදයාබාධ තත්වය.

    ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on ඉරිදා, 15 නොවැම්බර් 2020 20:19

    Latest News