දහම් ගුරු සහතික පත්‍ර විභාගය කල් යයි

නොවැ 15, 2020

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ දහම් ගුරු සහතික පත්‍ර විභාගය වෙනත් සුදුසු දිනකදී පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

    දහම් පාසල් ගුරු භවතුන් 15,000ට වැඩි ප්‍රමාණයක් මෙම වසරේ විභාගය සඳහා සුදුසුකම් ලබා තිබේ. දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම විභාගය නැවත පැවැත්වෙන දිනය සහ විභාග මධ්‍යස්ථාන පිළිබද තොරතුරු විභාග අපේක්ෂකයින්ට ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

    Latest News