පොපි මල් දින සැමරුම

නොවැ 15, 2020

    කොළඹ-පුරහල මහජන පුස්තකාලය අසළ පිහිටි යුද විරුවන්ගේ ස්මාරකය අභියසදී, පොපි මල් දින සැමරුම් උත්සවයක් අද පැවැත්විණ.

    පළමු සහ දෙවන ලෝක යුද්ධවලදී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා නොවැම්බර් මස 11 වැනි දින ලොව පුරා පොපි මල් දින සැමරුම පැවැත්වේ. මෙරට සැමරුම් උත්සවය අදට යෙදුණේ, පවතින කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන්.

    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, ජගත් ගුණවර්ධන මහතා සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය නියෝජනය කරන නිලධාරීන් රැසක් පුෂ්පෝපහාර දැක්වීම් අවස්ථාවට ඒක්වූහ.

    Latest News