ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදකලා කෙරේ

නොවැ 14, 2020

    පෑලියගොඩ මාලු වෙළඳ පොලේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ සංචරණයට ලක්වු ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා ආසාධිතවී ඇති බවට තහවුරුවීම නිසා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 4ක් අද (14) සිට හුදකලා කිරීමට තිරණය කල බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.එච්.එන්. සුදසිංහ මහතා පවසයි.

    ඌරගස්මන්හන්දිය උතුර, ඌරගස්මන්හන්දිය දකුණ, යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්‍රාම සේවා වසම් මෙසේ හුදකලා කර තිබේ.

    ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ අවුරුදු 68, 59, 53, 30, 20, 18 යන වයස්වල පසුවන හය දෙනෙකි.

    ප්‍රතිකාර සඳහා ඔවුන් අද (14) හම්බන්තොට සහ කඹුරුගමුව රෝහලවෙත රැගෙන යාමට නියමිතය.

    මේ අතර ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරිත් හල්විට මහතා පැවසුවේ එම වසම්වල මාර්ග බාධක යොදවා සංචරණය සීමා කිරිමට පියවර ගෙන ඇති බවි.

    Latest News