කිලිනොච්චියේ ඉදිවූ රෝහල විවෘත කෙරේ

නොවැ 12, 2020

    කොවිඩ් - 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් ී ඉදිකරන ලද ඇඳන් 200 ක් සහිත රෝහල ඊයේ (11) විවෘත කෙරිණ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතිය විසින් මෙම රෝහල ඉදි කිරීම සඳහා රුපියල් මිලියන අනූවක් වැය කර තිබේ.

    එම රෝහල හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණ, පුස්තකාලයක් සහ ක්‍රීඩා පිටියක් ඇතුළු රෝහලට අවශ්‍ය සියළු උපාංගවලින් සමන්විත වේ.

    වෙනත් බෝවන රෝගවලට ගොදුරු වන රෝගීන්ද මෙම රෝහලට ඇතුළත් කළ හැකි බව, ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 13:39

    Latest News