2021 අයවැය මේ මස 17 පාර්ලිමේන්තුවට

නොවැ 12, 2020

    ලබන වසර සඳහා වන අයවැය මේ මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඉන් පසු එය දින 19 ක් විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

    මේ මස 18 වෙනිදා සිට 21 වැනි දින දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

    දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසුම ලබන 21 වැනි දින පස්වරු 05ට සිදු කරන බවයි, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.

    ලබන 23 වැනි දින සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙනවා.

    එය ලබන මස 10 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදයෙන් පසු පැවැත්වෙන ඡන්ද විමසුම ලබන මස 10 වැනි දින පස්වරු 05.00ට පැවැත්වෙනු ඇති.

    පාර්ලිමේන්තු කාරකසභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේදී රැස් වූ අවස්ථාවේදීයී මෙම තීරණ ගනු ලැබුවේ.

    අය වැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වේ.

    මේ මස 18 වැනි දින සිට 20 වැනි දින දක්වා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම පැවැත්වෙනවා.

    මේ මස 25 වනදා සිට ලබන මස 10 වන දා තෙක් ද පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමට කාලය වෙන් කර තිබෙනවා.

    මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව අනිද්දා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා.

    විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීම ද එදින සිදු කෙරෙනවා.

    හෙට දිනයේදී 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථා පිළීබඳ විවාදය පැවැත්වෙනවා.

    හෙට දිනයේදී දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය පෙරවරු 10සිට පස්වරු 05 දක්වා පැවැත්වීට නියමිතයි.

     

     

    Latest News