මිලියන 4ක සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක්

නොවැ 12, 2020

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසි දහසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යාංශයේ දී සිදුවිය.

    මෙරට තුල කොවිඩ්-19 වෛරසය පැතිරියාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.

    CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මහතා විසින් මෙම මුඛ ආවරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිරිනමනු ලැබීය.

    එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරසක් එක්ව සිටියේය.

    Latest News