කොවිඩ්-19; 10,183කට පූර්ණ සුවය (වීඩියෝ)

නොවැ 11, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුනු 10,183 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    සුවය ලබා රෝහල්වලින් අදපිටව ගිය පිරිසට 646 දෙනෙකු අතුළත්.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, වැලිකන්ද සහ පූනානි යන කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර සිටින අයගෙන් තවත් 40 දෙනෙකු පූර්ණ සුවය ලබා ඒම ස්ථානවලින් පිටව ගියේය. ඔවුන්, කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, අම්පාර, කල්මුණේ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්.

    පින්නවල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තවත් 16ක් සුවය ලබා ඒම ස්ථානයෙන් පිටව ගිය බව, කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.

    ඉකුත් දින 7ක් තුළ පමණක් කොවිඩ් රෝගීන් 4096 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. සුවය ලබා ඊයේ පිටව ගිය පිරිස 657. අද තවත් 846 දෙනෙකු රෝහල්වලින් පිටව ගියේය.

    රෝගය වැළඳුනු 10,183 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී. ඒම ප්‍රතිශතය 67.77ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ප්‍රතිශතය 31.92ක්.

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 20:27

    Latest News