ජනතාවට ඕනනම්; මම සූදානම් (වීඩියෝ)

ජන 17, 2019
  • ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    රජයේ මුදල් භාවිත කර ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට එරෙහි නඩුවට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසිකරගෙන ඇත්ද යන්න මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා.

    ගෝඨාභය - පුරවැසිභාවය මම පෞද්ගලිකව ලබාගත්ත දෙයක්..ඒක අහෝසිකර ගැනීම කිසි ගැටළුවක් නැහැ..ඒක මගේ පුද්ගලික දෙයක්..අයින් කරගන්නත් පුළුවන්...තියා ගන්නත් පුළුවන්...නීතියේ අයින් කර ගන්න බැහැ කියලා නැහැ..මිනිහෙක්ව බැදලා තියා ගන්න බැහැ...අමෙරිකාව කියන්නේ..ඒගොල්ලො ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පියා කියලා... ඉතින් ඒ ගොල්ලන්ට පුළුවන් ද පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් කිසි ලෙසකින්වත් බැඳලා තියා ගන්න..ඒක බැහැනෙ..

    මාධ්‍යෙව්දීන් - ජනතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස පෙනී සිටින්න කියලා ඉල්ලනවා..ඇයි ඒක ප්‍රකාශ කරන්නේ නැත්තේ?

    ගෝඨාභය - මම ප්‍රකාශ කළා..මම සූදානම් කියලා..

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ජනවාරි 2019 11:58

    Latest News