කොන්සියුලර් සේවා හෙට (11) සිට යළි විවෘත කෙරේ

නොවැ 10, 2020

    විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා හෙට (11) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේලේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අත්හිටුවා තිබූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ කටයුතු එලෙස ආරම්භ කළ බවයි.

    ඒ අනුව, 0112 33 88 12 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ consular.mfa.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් කලින් දිනයක් වෙන්කරවාගෙන පැමිණිය හැකි වේ.

    දෛනිකව පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා සේවා ක්‍රියාත්මක වන්නේ සීමිත පිරිසකට පමණි.

    එහෙත් හුදකලා කර ඇති ප්‍රදේශවල පුද්ගලයින්ට එම පරිශ්‍රයට ඇතුළු වීමට අවසර හිමි නොවේ.

    මේ අතර මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සතියේ වැඩකරන දිනවල සාමාන්‍ය පරිදි ජනතාව සඳහා විවෘත කරන බව ද විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

    Latest News