මීනගයා දුවන්න තවත් කල් යයිලු

ඔක් 23, 2018

    මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    පවතින අයහපත් කාලගුණය නඩත්තු කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ(22) අලුයම 3.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතර දී පීලිපැනීමට ලක්විය.

    දුම්රිය මැදිරි තුනක් සම්පූර්ණයෙන්ම පීලිපැනීමට ලක් වූ අතර මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවද මේ හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය කෙරෙන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

    සබැදි පුවත්

    මීනගයා අදත් පිට පනියි

    Latest News