නාලක ද සිල්වා සිව්වැනි දිනටත් CIDයට කැඳවයි

ඔක් 23, 2018

    ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අද (23) සිව්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.

    ඊයේ (22) තෙවැනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබු එ මහතාගෙන් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

    මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාගෙන් පැය 28කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.

    Latest News