මහකන්නයේ වී ගොවිතැනට අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට; බැසිල් රාජපක්ෂ

නොවැ 09, 2020

    මහකන්නයේ වී ගොවිතැනට අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට පියවර ගන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙලක්ෂ දාහතර දහසක්. ඉන් 51,797ක් මේ වනවිට ගොවීන් අතර බෙදාදී අවසන්.

    පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සංවිධාන කර තිබූ රැස්වීමකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    තවත් පොහොර මෙට්‍රික් ටොන් ඒක් ලක්ෂ 62,203ක් ගොවීන් අතර බෙදාදීමට නියමිතයි. ඒම ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බව, ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

    අනෙකුත් වගා සඳහා පොහොර නිකුත් කිරීමට 10%ක් සිදු කරන්නේ, රජය විසින්. 90%ක් පෞද්ගලික සමාගම් මගින් ආනයනය කර නිකුත් කරනු ලබයි.

    පොහොර ආනයනයේ දී පෞද්ගලික අංශවලට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කෙරිණ.

    යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට කඩිනම් අනුමැතිය අවශ්‍ය බව පෙන්වා දුන් පෞද්ගලික ආයතන, ආනයනයට අවශ්‍ය ප්‍රමාණය දෙසැම්බර් මස වනවිට ලබාදිය යුතු බව සඳහන් කළේය.

    ගොවීන්ට අවශ්‍ය පොහොර ඔිනෑම අවස්ථාවකදී මිලට ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. පොහොර ආනයනයේදී ඒහි ග්‍රණාත්මකභාවය හා නියාමනය පිළිබඳව රජය විශේෂ අවධානය යොමුකර ඇති බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

    ලබන වසරේ සමස්ත පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හත් ලක්ෂ 8910ක්. යල කන්නය සඳහා මෙට්‍රික් ටොන් දෙලක්ෂ 85,504ක් වෙන් කෙරෙන අතර මහ කන්නයේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හාර ලක්ෂ 23, 406ක් වේ.

    Latest News