සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 5කට අධිකරණ ක්‍රියාමාර්ග

නොවැ 09, 2020

    පැවති රජයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ අධිකාරි බලයට අගෞරවයක් වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අභියාචනාධිකරණය හමුවට පැමිණවීමට ඒම කොමිසම අද (09) තීරණය කළේය.

    හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක, සුජිත් සංජය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස චෝදනා ලැබ සිටී. ඔවුන් පසුගිය දිනෙක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිටදී ජනමාධ්‍ය ඔස්සේ කොමිසමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කොට තිබිණ.

    ඔවුන් අද කොමිසම හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ, ඒහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ, පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105-3 වගන්තිය යටතේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාවේ තීරණය අභියාචනාධිකරණයට යොමු කරන බවයි.

    ඒ් අනුව, අභියාචනාධිකරණය නොතිසියක් නිකුත් කළ පසු ඒම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද කොමිසමේ සභාපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා.

    වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු කියා සිටියේ, ඉලෙක්ට්‍රොනික සාක්ෂි පිළි නොගන්නා බවයි.

    කොමිසමේ සභාපතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ, ඒය තමාට අදාළ කරුණක් නොවන අතර, ඒය අභියාචනාධිකරණයට යොමු කරන බවයි.

    කොමිෂන් සභාවේ මතය අනුව මන්ත්‍රීවරුන් වරදක් කර ඇති බව කොමිසමේ සභාපතිවරයා, වැඩිදුරටත් කියා සිටියේය.

    සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුලු ඒම පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ද කොමිෂන් සභාව හමුවට පැමිණ සිටියහ.

    Latest News