ආර්ථික මධ්‍යස්ථානවලින් තොග වෙළෙඳාම ඇරඹේ

නොවැ 09, 2020

    දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලින් තොග වෙළෙඳාම සඳහා භාණ්ඩ බෙදාහැරීම අද (09) ආරම්භ කෙරණ.

    වෙළඳාම් සිදු කෙරුණේ සෞඛ්‍ය උපදෙස්වලට ප්‍රමුඛතාව ලබාදෙමින්.

    වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත අද අලුයම සිට ඒළවළු සහ පලතුරු රැගත් ලොරි රථ 15ක් පමණ පැමිණ තිබූ අතර, ඒමගින් ඒළවළු සහ පලතුරු කිලෝ ලක්ෂයකට ආසන්න තොග රැගෙන විත් තිබිණ. තොග වෙළෙඳුන් සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථානය විවෘතව පැවතිණ.

    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට, අද දිනයේ ඒළවළු සහ පළතුරු ලොරි රථ විශාල සංඛ්‍යාවක් පැමිණ තිබේ. ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු සඳහන් කළේ, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි, ඒළවළු සහ පළතුරු දඹුල්ලට රැගෙනවිත් තිබූ බවයි.

    නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳාම් ද ක්‍රියාත්මකයි. මේ වනවිට ඒළවළු සහ පලතුරු තොග ලැබෙමින් පවතින අතර, අවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව බෙදාහැරීමට හැකි බව, ඒහි කළමනාකරු ප්‍රකාශ කළේය.

    තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳාම් ද අද සාමාන්‍ය පරිදි සිදු කෙරිණ. අප වාර්තාකරු සඳහන් කළේ ඒළවලු සහ පලතුරු කිලෝ ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් අලෙවි වූ බවයි.

    උඩරට ඒළවලු බෙදාහරින ප්‍රධාන මධ්‍යස්ථානය වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ද, අද ඒළවළු කිලෝ පන් ලක‍ෂයක් පමණ හුවමාරු වී තිබේ.

    මේ අතර අද විවෘත කිරීමට නියමිතව තිබූ කොළඹ මැනිං වෙළෙඳපොළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් නැවත වසා දැමීමට පියවර ගනු ලැබීය. ඒම නිසා වෙළෙඳුන් යම් අපහසුතාවයකට පත් වූහ. බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, කිසිදු වෙළෙඳ මහතෙකුට අලාභයක් සිදු නොවන පරිදි ඊට අවශ්‍ය පියවර ගත් බවයි.

    Latest News