මෙරට කොරෝනා තතු

නොවැ 09, 2020

    විදේශයන්හි සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් සිව් දෙනක් ඇතුළු පුද්ගලයන් 449 දෙනෙක් ඊයේ (08) කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඊජිප්තුවේ සිට පැමිණි පුද්ගලයන් තිදෙනෙක් සහ එක්සත් ආරාබි එමිරේට්ස්හි සිට පැමිණි පුද්ගලයක් මෙලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය කියා සිටියි.

    ඊයේ (08) උදෑසන වනවිට දෝහා කටාර් සිට පුද්ගලයන් 17 දෙනක් මෙරටට පැමිණ ඇති අතර එසේ පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලට නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියි.

    Latest News