හුදෙකලා ප්‍රදේශවල ජනතාවට රැකියාවට යැමට අවසර නැහැ; පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නොවැ 08, 2020

    හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාවට එම ප්‍රදේශ යළි යථා තත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මෙලෙස හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට වුවද සිය රාජකාරී ස්ථාන කරා යාමට අවසර හිමි නොවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අද සවස පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

    "ඔබ අත්‍යාවශය සේවාවලට සම්බන්ධ පුද්ගලයෙකු වුවත් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිටි නම් රැකියාවන් සඳහා පිටව යෑමට අවසර හිමිවන්නේ නැහැ. හුදෙකලා කොට ඇති ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙදසැල්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අලෙවිසැල්වලට හැකියාව තිබෙනවා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඇණවුම් අනුව ඩිලිවරි පහසුකම් යටතේ ගෙන ගොස් භාර දීමට" නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.

    Latest News