හැඳුනුම්පත් තහවුරු කිරීම අන්තර්ජාලයෙන්

නොවැ 06, 2020

    ජාතික හැදුනුම්පතේ තොරතුරුවල නිවැරදිභාවය සහතික කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පළමු වරට මාර්ග ගත සේවාවක් හදුන්වාදෙයි.

    අදාල තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය දෙපාර් තමේන්තුව මගින් සහතික කරන බැවින් සියලුම ශ්‍රී ලංකාවේ පිහිටි බැංකු, මූල්‍ය ආයතන, ජංගම දුරකථන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල හෝ රජයට පවරාගත් ආයතනවලට එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට දැන් අවස්ථාව ඇතැයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

    ජාතික හැදුනුම්පත අවභාවිතා කරමින් කරන විවිධ වංචා, දූෂණ හා අපරාධ වැළැක්වීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද ඒ මහතා සඳහන් කරයි.

    Latest News