කඨින චීවරය පඬුපෙවීම සඳහා වන ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්වයි

නොවැ 05, 2020

    රාජ්‍ය කඨින මහෝත්සවයේ, කඨින චීවරය පඬුපෙවීම සඳහා වන ඖෂධ මංජුසාව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගන්වනු ලැබීය.

    අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම ඖෂධ මංජුසාව බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට බාර දුන්නේය.

    කඨින චීවරය සැකසීම සිදු කෙරෙන්නේ, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන්. අග්‍රාමාත්‍යවරයා ඖෂධ අඩංගු මංජුසාව වැඳපුදා දෙවැනි පැරකුම් රජ දවසින් පසු පළමුවරට රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන කඨින මහෝත්සවය ශාසනයේ චිරපැවැත්මට හේතුවේවායි ප්‍රාර්ථනා කළේය.

    එම පුණ්‍යෝත්සවය ලබන 7,8 දෙදින ඓතිහාසික සෝමාවති පුදබිමේදී පැවැත්වීමට නියමිතයි.

    Latest News