ආසාදිතයින් සංඛ්‍යාව 12,570 දක්වා ඉහළට

නොවැ 06, 2020

    මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,570 දක්වා ඉහළයයි.

    ඒ ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 383 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

    ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වනවා.

    ඒ අනුව, එම පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 9092ක් දක්වා ඉහළ ගොස් ඇත.

    කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් 5918 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

    සුවය ලබා රෝහල් තුළින් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6623ක් බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    මිනුවන්ගොඩ - පෑලි‍යගොඩ කොරෝනා පොකුර 9000 ද පැන ඇත.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට ඊයේ(05) පස්වරු 9.52 වනවිට එක්වූ ආසාදිතයන් 170 දෙනා සමගින් ‍එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9092 ක් දක්වා ඉහළ ගියේය.

    ඊයේ රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 170 දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.

    එම පිරිසත් සමග ඊයේ දින තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 383 කි.

     

    රාගම පොලිස් ස්ථානාධිපතිවරයා කොවිඩ් -19 වෛරසය ආසාදනයවී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පවසනවා.

    එම මධ්‍යස්ථානය පැවසුවේ තවත් පොලිස් නිළධාරින් 85 දෙනෙකු ඊයේ දිනය තුළ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි.

    ඒ අනුව, මේ වනවිට දිනයින පුරා පොලිස් ස්ථානවල නිළධාරින් 358 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබේ.

    ඉන් 199 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ, බස්නාහිර පළාතෙනි.

    මේ අතර වත්තල ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 57 දෙනෙකුට වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ.

    ඒ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා තහවුරු කළේය.

    මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 106 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවී ඇති බව ඔහු සඳහන් කළේය.

     

    මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව එහි දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා මහතා පවසයි.

    ඔහු පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හමුවූ සියලුම කොවිඩ් ආසාදිතයින් මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බවය.

    එසේම මේ දක්වා පවුල් 339ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ද ඔහු පැවසීය.

    මේ අතර ඊයේ (05) දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383 සමග මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,096කි.

     

    රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොරෝනා ආසාදිතයන් 32කු වාර්තා වී ඇති අතර වෛද්‍යවරයෙකු ද වෛරසයට ගොදුරුවී ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.

    කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු ඒ අතර වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

    එසේ වුව ද රෝහලේ රෝගී සත්කාර සේවා කිසිලෙසකින්වත් අඩාලවී නොමැති බවයි, අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේ.

     

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිළධාීන් 08කුට ඊයේ (05) වනවිට කොවිඩ් ආසාදනයවී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

    රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කළේ, රේගු දෙපාර්තමේන්තුවේ හැත්තෑපහකට (75) ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

    කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ අපහසුවෙන් වුවද රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    Latest News