මෙරටින් වාර්තාවන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 29ක් (වීඩියෝ)

නොවැ 05, 2020
  • ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහතා තහවුරු කළේය.

    අද (05) දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ පහත පරිදි වේ.

    1. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මියගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයකින් ද පෙළී ඇත.

    2. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඊයේ (04) මියගොස් ඇත.

    3. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ්-19 ආසාදනය නිසා සිදුවූ හෘදයාබාධයකි.

    4. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාක් මරණ පරීක්‍ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් සිදුවූ පෙනහලු ආසාදනයකි.

    5. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස 74ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 නොවැම්බර් 2020 20:30

    Latest News