නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා; පොලිසිය (වීඩියෝ)

නොවැ 05, 2020
  • නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

    බස්නාහිර පළාතේ, පොලිස් බල ප්‍රදේශ 110ක, කුලියාපිටිය සහ ඇහැළියගොඩ යන පොලිස් බල ප්‍රදේශවල හා කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි.

    ඊට අමතරව ගිරිඋල්ල, බුලත්කොහුපිටිය, මාවනැල්ල සහ හෙම්මාතගම යන පොලිස් වසම් හතර හා ගලිගමුව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ හුදෙකලා කර තිබේ.

    ඒ, එම ප්‍රදේශවලින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් හමුවීමත් සමඟ. ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් බාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18ක්.

    ඇඳිරිනීතිය පැනවූ දින සිට මේ දක්වා එය කඩ කළ 2,400 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් බාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 356ක්.

    නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන්නන් සොයා එම ප්‍රදේශවල පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 නොවැම්බර් 2020 19:01

    Latest News