මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාලය තාවකාලිකව වසා දැමේ

නොවැ 05, 2020

    කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

    සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි එම පරිශ්‍රයේ විෂබීජහරණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත රාජකාරි ආරම්භ කිරීම දැනුම් දෙනු ලැබේ.

    Latest News