එක් කෙළ බිඳුවක වයිරස් බිලියනයක් - වෛද්‍ය සංජිව මුණසිංහ

නොවැ 02, 2020

    මෙවර ව්‍යප්තවී තිබෙන වයිරසයේ ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිර යන බව පැවැසේ.

    ගියවර වයිරසය ඇතුළු වූ අයකු කහින විට හෝ කිවිසුමක් යද්දී පිට කරන ලද කෙළ බිඳුවක වයිරස් කොටස් ලක්ෂයක් තිබුණා නම් මෙවර එය මිලියනය, බිලියනය දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජිව මුණසිංහ පැවසීය.

    වයිරසයට වේගයෙන් ගමන් කරන්න පුළුවන්.

    ඔබත් ගමන් කරන්න ගත්තොත් ඒ වේගය දෙගුණ තෙගුණ වෙයි.

    සමහරවිට මුළු රටටම පැතිරෙන්න ඉඩ තිබෙනවා.

    එම නිසා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තමන්ගේ ගමන් අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් යොමු කරවා ගන්න කියලා.

    මෙම වයිරසය භයංකාර වයිරසයක් ලෙස අප හඳුන්වනවා.

    මෙම වයිරසයේ බලපෑම දරුණු ලෙස ඇතිවීමට හැකි කොටසක් අපේ නිවාසවල ඉන්නවා.

    ඒ කුඩාම දරුවන් සහ වැඩිහිටියන්.

    ඔවුන්ගේ සිරුරේ වයිරසයකට සටන් කිරීමේ ඇති හැකියාව අඩුයි.

    ඔබට යම්කසි නිදන්ගත රෝගයක් තිබෙනවා නම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු ආබාධ තිබෙන අයට වෙන්න පුළුවන් අනතුරු ආබාධ වැඩියි.

    Latest News