අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම දැඩි පරීක්ෂාවට

නොවැ 02, 2020

    බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතට ගමන් කරන රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් වැලිපැන්න පිවිසුමේ දී සිදුකිරීමට අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය ආරම්භ කර ඇත.

    ඒ අනුව අධිවේගී මාර්ගය වැලිපැන්න පිවිසුම අසලින් තාවකාලිකව වසා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහන වැලිපැන්න පිවිසුම හරහා ගමන් කිරීමට සළස්වා පරීක්ෂා කිරීම සිදුකෙරේ.

    පසුගිය මස 30 සහ 31 දිනවල දී බස්නාහිර පළාතෙන් නිසි අවසරපත් නොමැතිව දකුණු පළාතට ගමන් කිරීමට පැමිණි වාහන 66ක් ආපසු හරවා යැවීමට කටයුතු කෙරිණ.

    Latest News