P.C.R. පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශයේ එකඟතාව

නොවැ 02, 2020

    දැනට පවතින තත්ත්වය මත කොවිඩ්-19 ආසාදිතයින්ගේ P.C.R. පරීක්ෂණ සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල්වල සහය වැඩිකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 02 (අද) අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්විණ.

    ඒ අනුව පෞද්ගලික රෝහල්වල තිබෙන පරීක්ෂණාගාර වල සිදු කෙරෙන,

    • P.C.R.පරීක්ෂණ නියාමනය කිරීම

    • P.C.R.පරීක්ෂණවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම

    • සිදු කරනු ලබන P.C.R.පරීක්ෂණවල ධාරිතාවය වැඩි කිරීම

    යන ප්‍රධාන කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ මෙම P.C.R. පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමණකාරිත්වය සිය එකගතාවය පළ කළේය.

    කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙළේදී P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකර ගැනීමට පෞද්ගලික රෝහල් තුළින් ලබාදෙන සේවාව රජයක් ලෙස ඉතා අගය කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    Latest News