තවත් පොලිස් නිලධාරීන් 8කට කොරෝනා

නොවැ 02, 2020

    බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිළධාරීන් 8දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.

    පසුගිය 31 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

    ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 14දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇත.

    සමස්තයක් වශයෙන් මේ වනවිට පොලිස් නිළධාරීන් 130කට වැඩි පිරිසකට මෙම වෛරසය ආසාදනයවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ පොලීසිය තුළ මේ වනවිට අලුත් පොකුරක් නිර්මාණයවී ඇති බවයි.

    නමුත් එය නිර්මාණය වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සහ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙපළට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ගෙන් පොලිස් නිළධාරීන්ට වෛරසය ආසාදනය වූ බව ඔහු පවසයි.

    Latest News