කොවිඩ් ආසාදිත මත්ස්‍ය වෙළෙන්ඳාගේ නරක් වූ මාළු ගබඩාව විනාශ කෙරේ

නොවැ 02, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු මත්ස්‍යය වෙළෙන්දෙකුගේ ගබඩා කාමරයක නරක් වු මාළු තොගයක් විනාශ කිරිමට පියවර.

    හැටන් නගරයේ ප්‍රථම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු මත්ස්‍යය වෙළෙන්දාගේ හැටන් මහජන වළෙඳපොලේ ගබඩා කාමරයක නරක්වී දැඩි දුගන්ධයක් හමන මාළු තොගයක් විනාශ කිරිමට අද (02) දින පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසීය.

    පැලියගොඩ මත්ස්‍යය වෙළඳපොලේ ආශ්‍රිතයෙකු වු එම මත්ස්‍යය වෙළෙන්දා පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින අත‍ෙ, මෙම මත්ස්‍යය ව‍ෙළෙන්දා (23) දින නිවසේ ස්වයං නිරෝධානයට යොමු කරන අවස්තාවේ වෙළඳාම් කිරීමට රැගෙනවිත් තිබු මාළු කිලෝ 50 ක් පමණ ඔහුගේ ගබඩා කාමරයේ අධික ශිතකරණයේ ගබඩා කර අමතක වීමකින් අධි ශිතකරණයට විදුලි බලය ලබා නොදීම නිසා එම මාළු තොගය නරක්වී ඇති බවයි, මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

    මාළු ගබඩා කර ඇති ස්ථානයට යාබදව නිවාස වල පදිංචිකරුවන් විසින් හැටන් දික්ඔය නගර සභාවට කරන ලද පැමිණිල්ලක් මත මෙම නරක් වු මාළු තොගය සොයාගෙන ඇත.

    එම මාළු තොගය එම ස්ථානයෙන් ඉවත් කර හැටන් මහජන වෙළඳපොල භුමිය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කරන තෙක් මහජන වෙළඳපොල විවෘත නොකිරිමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් තිරණය කර ඇත.

    හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වෛසරය ආසාදනය වු රෝගින් 11 දෙනෙකු හමුවීම නිසා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් හැටන් නගරය හුදකලා ප්‍රදේශයක් බවට ඉකුත් මස (27) දින පත් කෙරිණ.

    කොවිඩ් - 19 වෛසරය අසාදනය වු රෝගීන් නිරෝධාන මධ්‍යස්ථාන කරා යොමු කිරිමෙන් පසු හැටන් නගරයේ වෙළඳසැල් විවෘත කර ඇති අතර, ජන ජිවිතය සමාන්‍යය තත්ත්වයට පත්වී ඇත.

    හැටන් නගරයේ වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ නිළධාරීන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති නිරෝධායන සෞඛ්‍යය උපදෙස් පිළිපදමින් කටයුතු කරන ලෙසයි.

    Latest News