පානදුර දුරකථන සොරාගත් තරුණයින් 4කට මාංචු

ජන 16, 2019

    පානදුර අවට ප්‍රදේශවල බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් සහ වෙළෙඳසැල්වලින් ජංගම දුරකථන සොරාගත් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

    ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන තොගයක් ද පොලිස් බාරයට ගැනිණ. එගොඩඋයන පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිලිවලට අනූව, පොලිස් බුද්ධි අංශ නිලධාරීහු වෙළෙඳසැල්වල ආවේක්ෂණ කැමරා රැසක දර්ශන පරීක්ෂා කළහ. ඒ අනූව සැලසුම් සහගතව ජංගම දුරකථන සොරාගන්නා පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය. මේ සම්බන්ධයෙන් එගොඩඋයන ප්‍රදේශයේ තරුණයෙක්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සොරකමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්හ.

    සැකකරුවන් සන්තකයේ තිබූ සහ විවිධ ආයතනවලට මෙන්ම පුද්ගලයින්ට අලෙවි කර තිබූ ජංගම දුරකථන තොගයක් සොයා ගැනුණේ ඉන් අනතුරුවයි. ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 09:02

    Latest News