මෙරට ආර්ථික නංවාලීම IMF පූර්ණ සහය

ජන 16, 2019

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සහය දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාඩ් අමෙරිකාවේ වොෂිංටන් අගනුවර දී ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් හමුවේ මේ බව කියා සිටියාය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් චාරිකාවට එක්ව සිටිති. අමාත්‍ය මංගල සමරවීර මහතා  ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළව මෑත කාලීන වර්ධනයක් පිළිබඳව මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයට කරුණු පැහැදිලි කළේය.

    පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් පසු ඇතිවූ බාධාවලින් අනතුරුව, ආර්ථිකයට ස්ථාවරත්වයක් ලබා දීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ජා කළහ. ආර්ථික ප්‍රතිසංස්කරණතාවය කෙරෙහි ශ්‍රී ලංකාව පෙනී සිටින බව නියෝජිත පිරිස අවධාරණය කළහ. ලබන පෙබරවාරි මාසයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතයි.

    Latest News