සොයා ගැනීම - බේරා ගැනීම ඇරඹේ

ජන 16, 2019

    සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු වැඩසටහනක් අද ආරම්භ කෙරේ. එය දින 08ක් පුත්තලමේ දී පැවැත්වේ.

    නාවික හමුදාව ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්, ගඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව පුහුණු වැඩසටහන පැවැත්වීමට සූදානම් කර තිබේ. මෙය සංවිධාන කරන්නේ ආසියා පැසිෆික් ආපදා කළමාකරණ සංවිධානය විසින්. පාඨමාලාව, හමුදා හා සිවිල් වශයෙන් අදියර දෙකක් යටතේ පැවැත්වේ. ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානයේ ප්‍රවීණ පුහුණුකරුවන් 06 දෙනෙක් සහ ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරු ද ඊට සහභාගී වෙති. එම උපදේශකවරුන් දැනුවත් කිරීමේ සැසියක් ද ඊයේ පැවැත්විණ.

    ඒ නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන මූලස්ථානයේ දීය. පුහුණු වැඩසටහන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත සාමාජිකයෝ පිරිසක් සහභාගී වෙති. යුද, ගුවන් හමුදාවට සහ පොලීසියට අනුයුක්ත සාමාජිකයින් මෙන්ම ස්වෙච්ජා සංවිධාන සහ සිවිල් ජනාතාව ද ඊට සහභාගී වීමට නියමිතයි.

     

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 07:39

    Latest News