ඖෂධ නිෂ්පාදනයට තවත් කර්මාන්ත ශාලාවක් ඉදිකෙරේ

ඔක් 29, 2020

    නව ඖෂධ නිෂ්පාදනගාර පරිශ්‍රය ඉදිකිරීම සඳහා අක්කර 64ක භූමියක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට පවරා දී තිබේ.

    එම කටයුත්ත අද (29) බත්තරමුල්ලේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යංශයේ දී සිදුවිය.

    හොරණ - මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධනය අධිකාරියට අයත් භූමියක් මෙලෙස පවරා දී ඇති අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව එහි සිය දෙවන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රය ඉදිකිරීමට නියමිතය.

    ඒ අනුව එහි නව කර්මාන්ත ශාලා 5ක් ඉදිකිරීමට යෝජිත අතර එලෙස ආරම්භවන්නේ, පිළිකා ඖෂධ, හෘද සැත්කම් සඳහා යොදාගන්න ස්ටෙන්ට්(stent)නාල, අක්ෂි කාච සහ විකලාංග ශෛල්‍ය වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාය.

    කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන අතර වසර දෙකක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

    ඒ සඳහා රජය වැයකරන මුදල රුපියල බිලියන 8කි.

    ඉඩම පවරාදීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ අම්‍යාංශ දෙකෙහි ලේකම්වරු ද එක්ව සිටියේය.

    Latest News