පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවක් අද - පාර්ලිමේන්තු සංකීර්ණයේදී

ඔක් 29, 2020

    පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, එම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බවයි.

    පවතින කොරෝනා වසංගත තත්ත්වය මත පාර්ලිමේන්තුව රැස්වීම සුදුසු ද නැද්ද යන්න එහිදී තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර, තාවකාලිකව වසා දැමුණු පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ යළි ආරම්භ විය.

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, පාර්ලිමේන්තු සංකීර්ණය විෂබීජහරණය කිරීමෙන් පසු එහි කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගත් බවයි.

    පසුගිය 27 සහ 28 දෙදින පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දැමුණේ, විෂ බීජහරණය කිරීම සඳහායි.

    Latest News