කොරෝනා රෝගීන් සෙවීමට අන්තර්ජාල යෙදවුමක්

ඔක් 28, 2020

    බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය නිරීක්ෂණය සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩබ්ලිව්.පී.කොවිඩ් (wp covid) නමින් අන්තර්ජාල යෙදවුමක් නිර්මාණය කර තිබේ.

    බස්නාහිර පළාතේ ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයා ​ෆෝස් රොෂාන් ගුණතිලකගේ උපදෙස් මත එය නිර්මාණය කර ඇත.

    "මේක ඉතාම උසස් තත්ත්වයේ ඇප් එකක්.

    සමහර වෙලාවට ලෝකයේ අනෙක් රටවලට වුණත් පාවිච්චි කරන්න හැකියාව තිබේ.

    මේක ප්ලේ ස්ටෝ එකට සහ ඇපල් ස්ටෝ එකටත් දානවා.

    මහජනතාව යම් ස්ථානයකට යන විට එම ස්ථානය කොවිඩ් - 19 අවදානම් ස්ථානයක් ද නැද්ද පිළිබඳව ජංගම දුරකථනයෙන්ම දැන ගැනීමේ හැකියාව මෙම අන්තර්ජාල යෙදවුම හරහා ලැබෙනවා යැයි"

    ​රොෂාන් ගුණතිලකමහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

    Latest News