බස්රථ හිමියන්ට ලබාදෙන ලිසිං සහනය දීර්ඝ කරයි

ඔක් 23, 2020

    බස්රථ සඳහා ලබාදෙන ලිසිං සහනය තවත් මාස හයකට දීර්ඝ කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

    පෞද්ගලික බස් සංගම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

    කොවිඩ් වසංගතයෙන් පසු මගීන් හිඟවීම හේතුවෙන් නොවැම්බර් 9 වනදා සිට රටපුරා පෞද්ගලික බස් රථ ධාවනය අත්හිටුවන බව පෞද්ගලික බස් සංගම් මීට පෙර අමාත්‍යවරයාට දන්වා තිබුණි.

    “මෙම සංගම් බස් ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර නැහැ.

    ඔවුන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට සිය සේවය දිගටම කරගෙන යාමට සහන ලබා දෙන ලෙසයි.

    මෙම තත්වය තවදුරටත් නරක අතට හැරේ නම් අමාත්‍යාංශයට ස්ථිර විසඳුමක් සොයා ගැනීමට සිදුවෙනවා” යයි ඇමතිවරයා පවසා තිබේ.

    කෙසේ වෙතත්, කොවිඩ් - 19 අර්බුදය තුළ බස් රථ හිමියන්ට අවශ්‍ය සියලු සහනාධාර ලබා දීමට සාකච්ඡා කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

     

    Latest News