අධික වේගයෙන් පැමිණි වෑන් රථය ප්‍රපාතයේ

ඔක් 23, 2020

    හැටන් සිට දික්ඔය බටල්ගල වතුයාය දක්වා අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් වැන් රථයේ රියදුරා සහ තවත් අයෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

    අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් එය, රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන දික්ඔය ඇළට පෙරලී ඇති බව හැටන් පොලිසිය පවසයි.

    Latest News