සහරාන්ගේ බිරිඳ හා 6 ක් රක්ෂිත බන්ධනාගාරයට

ඔක් 22, 2020

    පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදු කෙරුණු සහරාන් හෂීම්ගේ බිරිඳවන අබ්දුල් කාදල් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් නොවැම්බර් 4 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා.

    රැඳවුම් නියෝග අවසන්වීමෙන් පසු එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

    ෂැංග්‍රිලා හෝටලයට පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ බිරිඳ හෙට දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

    Latest News