විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා තාවකාලිකව නතර කෙරේ

ඔක් 22, 2020

    කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවා මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය, නැවත දැනුම් දෙන තෙක් අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා වසා තබනු ඇති.

    නැවත දැනුම් දෙන තෙක්, මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකෙන් ද ලේඛන සහතික කිරීමේ සේවා ලබා නොදෙන බව කරුණාවෙන් සළකන්න.

    විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා ඊට සම්බන්ධ ලියකියවිලි සහාය පිළිබඳ විමසීම් සඳහා කරුණාකර පහත සඳහන් අංක අමතන්න; දුරකථන අංක: 0776 032252, 0773 586433, 0718 415623 සහ 0701 428246

    විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    ෆැක්ස් අංකය: 0112 446091/ 0112 333450

    Latest News