හෙරොයින් සමඟ 05 දෙනෙක් අත්අඩංගුවට

ඔක් 22, 2020

    අනුරාධපුර, තලාව මොරගොඩ තුරුලිය සෙවණ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 65 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සමත් වුණා.

    ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදා හැරීම සැකකරුවන් දෙදෙනා සිදුකර තිබුණේ ත්‍රිරෝ ද රථයක් ද උපයෝගී කරගනිමින්.

    හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී හොරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 800 ක් සමග සැකකරුවකු හා පෑලියගොඩදී හෙරොයින් ග්‍රෑම් 15 යි ග්‍රෑම් 340 ක් සමග තවත් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ‌ෙගන තිබෙනවා.

    ඔවුන් සබදතා පැවැත්වූ හෙරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ අතර පෑලියගොඩ පොලිස්ථාන‌යේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව බියගම මාර්ගයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 20 යි මිලිග්‍රෑම් 440 ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    විසි දෙහැවිරිදි වියෙහි පසුවන මෙම සැකකාරිය මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

    Latest News