වසර 19 කට පසු ලන්ඩන් එල්ටීටීඊ තහනම ඉවතට

ඔක් 22, 2020

    එක්සත් රාජධානියේ ප්‍රමුඛ අධිකරණයක් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව එරට පනවා තිබූ තහනම වසර දහනවයකට පසු ඉවත්කර තිබේ.

    එල්ටීටීඊය බ්‍රිතාන්‍යය තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුව ඊයේ (21දා) එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන අභියාචන කොමිසම’’ මෙම තීන්දුව ලබා දී ඇත.

    එල්ටීටීඊය ත්‍රස්තවාදයට තවදුරටත් සම්බන්ධ නැති බවත්, එය තවදුරටත් තහනම් කිරීම තුළින් දෙමළ ජනතාවගේ කතා කිරීමේ නිදහසට හා රැස්වීමේ නිදහසට බාධාවන බවත් සඳහන් කරමින් තමිල් ඊළාම් අන්තර් ජාතික ධජය (TGTE) නම් සංවිධානයක් විසින් 2019 වර්ෂයේදී මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

    2020 ජූලි 29 සහ 31 යන දිනවලදී එම ඇපෑල සලකා බැලූ විනිසුරුවන් වන එලිසබත් ලයින්ග්, රිචඩ් විටම් සහ පිලිප් නෙල්සන් මෙම තීන්දුව ලබාදී ඇත.

    බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස නම් කරන ලද්දේ 2001 වර්ෂයේදීය.

    Latest News