ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පිරිසක් අත්අඩංගුවට

ඔක් 22, 2020

    ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව පසුගිය 3 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරිනීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 596 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    එමෙන්ම ඇදිරිනීතිය උල්ලංඝනය කරමින් ධාවනය කළ රථවාහන 76ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයට, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 05කට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 05කට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකව වේ.

    Latest News