කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවයි - අද ආසාදිතයින් සංඛ්‍යාව 50යි

ඔක් 22, 2020

    (UPDATE) මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.

    ඒ් නව ආසාදිතයින් 50 දෙනෙක් අද (22) දිනයේ දී හමුවීමත් සමඟයි.

    ඉන් 22 කු කටුනායක වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලා 2 ක සේවක සේවිකාවන්.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ 6 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 22කු ද මෙම පිරිසට ඇතුළත්.

    මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදියින් සංඛ්‍යාව 6028 ක්.

    ඉන් 3561 දෙනෙකු සුවය ලබා සිටිනවා.

    දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2454 ක්.

     

     

     

    මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන ද 2,558ක් දක්වා ඉහළ ගියේය.

    මෙරට සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වන විට 6,028ක් ලෙස දැක්වෙන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,454ක් වේ.

    අද වනවිට පුද්ගලයින් 3,561ක් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මෙරට දී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා ජනවාරි මස 27 වන දා වාර්තා විය.

    ඒ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවකි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වන්නේ මාර්තු මස 11 වැනි දිනයි.

    එම ආසාදිතයා සංචාරක මඟ පෙන්වන්නෙකි.

    ඒ අනුව මැයි 19 වන දින වනවිට මෙරට වාර්තා වන සමස්ථ ආසාදිතයින් 1000 සංඛ්‍යාව ඉක්මවා ගියේය.

    ජූනි මස 24 වන දින ආසාදිතයින් 2000ත්,

    අගෝස්තු 30 වැනි දින ආසාදිතයින් 3000ත් ඔක්තෝබර් 6 වැනි දින ආසාදිතයින් 4000 සීමාවත් ඉක්මවා ගිය අතර, ඔක්තෝබර් 13 වැනි දින 5000 සීමාවත් ඉක්මවා ගියේය.

    ඒ අනුව දින 9ක් වැනි කෙටි කාලයක් තුළ දී මෙරට අවසන් කොරෝනා ආසාදිතයින් 1000 වාර්තා වීම සුවිශේෂි වේ.

    මේ විට මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14කි.

    මේ අතර, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයින් 800කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

    කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි.

    ඒ අනුව පුද්ගලයින් 863 දෙනෙකු දියතලාව, කුණ්ඩසාලේ, මුලතිව්, මඩකලපුව, පලාලි සහ පෙරියකාඩු යන ප්‍රදේශවල යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන ම‍්ධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

     

     

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා පොකුරත් සමඟ, මේ වනවිටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13කට වයිරසය ව්‍යාප්ත වී ඇති බවත්, සෙසු දිස්ත්‍රික්ක වෙතද වයිරසය ව්‍යාප්තවීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, නුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල සහ ගම්පහ පෙදෙස්වලින් වාර්තා වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

    පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව මාළු වෙළෙන්දන් 49දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීම හේතුවෙන් දිවයින පුරා මාළු වෙළෙන්දන්ට ද වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි බවත් සමරවීර මහතා පැවසීය.

    ''පෑලියගොඩ මාළු වෙළඳසැලට සැපයෙන මාළු මුළු රටටම මාළු බෙදාහරිනවා.

    මාළු වෙළෙන්දන්ගෙන් සහ දිවයිනෙන් බැහැරට මාළු ගෙන යන ධීවරයන් ඇසුරු කළ පිරිසට වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා.

    එනිසා පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගත් වෙළෙන්දන්, තමන්ට වයිරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණ පහළවෙනවාදැයි සැලකිලිමත් විය යුතුයි'' යැයිද වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

     

     

    මාතර ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික වෛද්‍යවරියකට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.

    ඇය මාතර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරියකි.

    එම වෛද්‍යවරියගේ සහෝදරයා කළුතර මතුගම ප්‍රදේශයේ පදිංචි කොවිඩ් - 19 ආසාදිතයෙක් ලෙසද හඳුනාගෙන තිබේ.

    මාතර උද්‍යාන පාර ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරියගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

    අදාළ වෛද්‍යවරිය හා ඇගේ ස්වාමිපුරුෂයා ස්වයං නිරෝධායනයට යොමුව සිටියදී මෙලෙස වෛද්‍යවරිය පමණක් ආසාදිත බවට තහවුරුවී ඇත.

    ඇය මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

     

     

    මුල්ලේරියාව රෝහලේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකින් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

    මෙම ආසාදිතයින් දෙදෙනා උඩුමුල්ල සහ මාළිගාගොඩැල්ල යන ප්‍රදේශ දෙකක පදිංචිකරුවන් වේ.

    මෙම ආසාදිතයින් දෙදෙනා සාමාන්‍ය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මුල්ලේරියාව රෝහලට ඊයේ පැමිණ තිබෙන අතර, එහිදී ඔවුන්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.

    එම පරීක්ෂණ වාර්තාවන් අද(22) දිනයේදී ලැබී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා හට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත.

     

     

    ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ අද (22) සිදු කර ඇත.

    අද දිනයේ ධීවර වරායේ සිටි 166 දෙනකුගේ ජෛව සාම්පල ලබාගත් ගත් බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට වෙළෙඳ කටයුතු සඳහා නිරන්තරයෙන් ගාල්ල ධීවර වරායේ සිට රථ වාහන ගමන් කරන බැවින් ගාල්ල ධීවර වරායේ කළමනාකාරීත්වය සහ ගාල්ල ධීවර සමිති මගින් සෞඛ්‍ය අංශ වෙත කළ ඉල්ලීමක් අනුව අද දින ගාල්ල ධීවර වරායේ සේවකයින්ගේ PCR සාම්පල ලබා ගෙන ඇත.

    ඊයේ (21) දින පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත ගමන් ගත් රථවල රියැදුරන් සෞඛ්‍ය අංශ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

    ගාල්ල ධීවර වරායට පිට ප්‍රදේශවලින් මාළු ගෙනයාමට පැමිණි ලොරි කිසිවකට අද ඇතුළුවීමට අවසර ලබා දී නොමැති අතර එලෙස පැමිණි ධීවරයන් පිරිසක් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

     

     

    මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු අද (22) සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

    මේ අතර අද තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙකු අද හඳුනා ගැනිණ.

    ඒ අතරින් 22 දෙදෙනෙකු කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 2 ක සේවකයින් වන අතර, තවත් 6 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළන් හඳුනාගෙන තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, සෙසු පුද්ගලයින් 22 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බවයි.

    ඒ අනුව, මිනුවන්ගොඩ කෙරෝනා පොකුරේන් වාර්තවන සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2558 කි.

    මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3561 ක්.

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6028 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

    වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2454 කි.

     

    කොවිඩ් - 19 ආසාදිත රෝගීන් කිහිපදෙනෙක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු වාර්තාවීමත් සමග එම ස්ථානයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    යම් ආකාරයකින් රෝග ව්‍යාප්තියක් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා එම පරීක්ෂණ සිදුකළ බවත් ඒ අනුව ඊයේ දිනය වනවිට පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා මේ වනවිට සමස්ථයක් ලෙස මුළු දිවයින පුරා 425,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, ඊයේ දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 8000ක් සිදුකළ බව ද පැවසීය.

    වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් - 19 රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    ඒ අතර කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක් ද සිටී.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා, “කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට අපිට පසුගිය දිනක තහවුරු වුණා. එයින් එක් වෛද්‍යවරියක්ගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී ඇති බවට පෙරම තහවුරු වුවා. ඊට අමතරව, ඇයගේ පුතාට රෝගය වැළඳී තිබුණා. එම වෛද්‍යවරියගේ බාල දියණිය සහ ගෘහ සේවිකාවට කොරෝනා රෝගය ආසාදනයවී ඇති බවට තහවුරු වුණා. මේ වනවිට අපි ඔවුන්ව කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.“

     

     

    කඩුවෙල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු ඊයේ (21 වැනිදා) කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගත් පසු එහි සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය පැවැසීය.

    මෙම 22 හැවිරිදි ආසාදිතයා නගරයේ බෙහෙත් ශාලා දෙකකට ගොස් ඇති බව වාර්තා වීමත් සමග ඒවාද වසා දමා ඇති බවත් හෙතෙම පැවැසීය.

    මේ වනවිට කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයන් සිවුදෙනෙකු හඳුනාගෙන ඇත.

    ඉහළ බෝමිරිය එක් අයකුද කොතලාවල පට්ටියවත්ත දෙදෙනකු සහ අදාළ හෝටල් සේවකයා ඊට ඇතුළත් වේ.

     

     

    අද (22) උදෑසන වනවිට තවත් නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගත් බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පැවසුවේය.

    ඒ අනුව, කුලියාපිටිය සෞඛ‍්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා නව කොරෝනා වෛරස ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    පසුගියදා හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් PCR පරික්ෂණ සඳහා යොමුකර තිබු අතර, එහිදී මෙම නව ආසාදිතයින් හඳුනාගැණුනු බව ඔහු පැවසීය.

    මේ වනවිට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ප්‍රදේශ රැසකටම වෛරසය ව්‍යාප්තවී ඇති බැවින් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසිපරිදි අනුගමනය කරන ලෙස වෛද්‍ය උත්පල ගුණසේකර මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, දුම්මලසූරිය, පන්නල යන පොලිස් බලප්‍රදේශ වලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබේ.

     

     

    කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ කුරුනියාවත්ත නිවසක මව, පියා සහ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකුද කොරෝනා ආසාදිත වීමෙන් අයිඩීඑච් බොවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත.

    එම පවුල සමග ඇසුරු කළ ආශ්‍රිත පවුල් 4 ක් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබේ.

     

     

    බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර තිබේ.

    බම්බලපිටිය පොලිසිය පැවසුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මෙලෙස ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇති බවයි.

     

     

    කඩුවෙල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු ඊයේ (21 වැනිදා) කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගත් පසු එහි සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය පැවැසීය. මෙම 22 හැවිරිදි ආසාදිතයා නගරයේ බෙහෙත් ශාලා දෙකකට ගොස් ඇති බව වාර්තා වීමත් සමග ඒවාද වසා දමා ඇති බවත් හෙතෙම පැවැසීය.

    මේ වනවිට කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයන් සිවුදෙනෙකු හඳුනාගෙන ඇත.

    ඉහළ බෝමිරිය එක් අයකුද කොතලාවල පට්ටියවත්ත දෙදෙනකු සහ අදාළ හෝටල් සේවකයා ඊට ඇතුළත් වේ.

     

     

    දෙහිවල දුම්රියපොළ පාර පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද (22) දහවල් වසා දැමීමට කටයුතු කර ඇතැයි, සෞඛ්‍ය ප්‍රකාශකයෙක් පවසයි.

    කෝවිඩ් ආසාධිතයකු පෑලියගොඩ මාළු වෙළඳපොළින් දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට මාළු රැගෙන ඒම හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පියවර ගත්හ.

    පසුගියදා එම වෙළඳපොළ සේවකයින් පිරිසක් සමග මෙම පුද්ගලයාද පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබ තිබූ අතර, එහිදී ඔහුට කෝවිඩ් වයිරසය ආසාදනයවී ඇති බව හෙළිවී තිබේ.

    ඔහු පැමිණි දෙහිවල පොදු වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳසැල් සියල්ල වසා දැමීමට කටයුතු කරනු ලැබ ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 ඔක්තෝබර් 2020 18:56

    Latest News