කුඩු අන්ජුගේ ගෝලයන් හතරදෙනකු අත්අඩංගුවට

ඔක් 21, 2020

    කුඩු අංජුගේ ගෝලයන් හතරදෙනකු හෙරොයින් ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 500 ක් සහ රුපියල් එක්ලක්ෂ නම දහසක මුදලක් ද සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ඊයේ හැකි වුණා.

    මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 20ක කාන්තාවක් ද වේ.

    අනෙකුත් සැකකරුවන් වයස අවුරුදු 42, 48 සහ 35 යන වයස් කාණ්ඩ වල පසුවේ.

    මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, රත්මලාන දුම්රියපළ අසලදීයි.

    මෙම සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News