ගින්නෙන් වෙළෙඳසැලට දැඩි හානි

ඔක් 18, 2020

    තලවාකැලේ නගරයේ, වෙළඳසැලක අද (18) පෙරවරුවේ ඇතිවූ හදිසි ගිනි ගැනිමකින් එම වෙළඳසැලට දැඩි හානි සිදුව තිබේ.

    ගින්න පැතිරයාම වළක්වමින් තලවාකැලේ පොලීසිය නගරවාසීන් සමග එක්ව කටයුතු කර තිබේ. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන තලවාකැලේ පොලීසිය පවසයි.

    Latest News