සම්බාහන මධ්‍යස්ථානයක් මීගමුවේදී වටලයි

ඔක් 18, 2020

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිසි බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මීගමුව පොලිසිය විසින් වටලා තිබේ.

    මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මීගමුව පොලිස් වසමේ ඇලපාර, පෙරියමුල්ල ප්‍රදේශයේ දී මෙම වැටලිම ඊයේ(17) සවස 04.30ට පමණ සිදු කර ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. එහිදී එම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් එම සැකකාරියන් තිදෙනා අවුරුදු 24, 38 හා 45 යන වයස්වල පසුවන කටාන, දංකොටුව හා මාතර ප්‍රදේශවල පදිංචිකාරියන්වේ.

    සැකකාරියන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මීගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Latest News