ඇඳිරි නීතිය කඩකළ 167 අත්අඩංගුවට

ඔක් 16, 2020

    පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයන් 25 දෙනෙකු පමණ ඇදිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මේ වනවිට නිරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුව සංඛ්‍යාව 167ක් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එමෙන්ම වාහන 40ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ වෙනත් වාහන ඒ අතර වේ.

    නිරෝධායන ඇදිරිනීතියට ගරුකරමින් කටයුතු කරන ලෙස මෙම අවස්ථාවේදී විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටී.

    Latest News